Sunday, September 25, 2016

යුද්ධයට ගිණි බිදිමු හෙවත් මහතුවා

යුදගනාවේ පුංචි පවුලක
පුංචි පැලක
පුංචි බණ්ඩගෙයි පුංචි මැණිකගෙයි
මහතුවා

යන්තම් දහ අටට
තුවක්කුව ගෙන දෑතට
හමුදාවට
ගියේ මහතුවා

කැලෑ ගස් අස්සෙන්
ලේ පිරුණු මඩ කඩිති මැද්දෙන්
මලමිනී මැද්දෙන්
ඉදිරියට ගිය මහතුවා

තොප්පිගල කැලයේ
සොහොයුරන් ඇකයේ
වෙඩි වැදුණු පපුවේ
ලේ වැරූ මහතුවා

මහතුවා විරුවා
ආව මහතුන් කීවා
මිනිය ආ හවහා
පුංචි බණ්ඩා මියදුනා

පුංචි මැණිකා
තනියම ගෙදර උන්නා
සම්මාන පෙන්නා
ලොකු මහත්තුරු පැන්නා

විරු උපහාර එමට
තිබුනත් රටේ යමරෙට
මැණිකා තනියම
දුකින් හැඩුවේ රෑ යම

වයස නොගියත් වයසට
ගිය මැණික වැටුණා ඇදට
කිව්වේ මහතුවා ගැන
පුතා හිටියා නම් කොහොමද?

ඩොටියා

1 comment:

  1. යුද්ධෙ නැතුව පාළු ගොඩක් අයට ඕක නොතේරෙන එකයි ප්‍රශ්නෙ...

    ReplyDelete