Thursday, November 3, 2016

ගාන්ධර්වයාණනි

මහළු වූ කොලොම්තොට
අදුරු වී ගිය අහසට
නිහඩ වූ ඔබ ගැයූ
මියුරු ගී ස්වර ඇසුණිද?

වක්කඩ ලග තුටින් රගදුන්
තිත්ත පැටවුන් රෑන
හෙලූ කදුලින් පිරුණු වක්කඩ
උතුරනව ඔබ දැක්කද?

රන්වැලි සෑය පාමුල
සොවින් බරවූ රත්නමාලිය
ඔබේ නාමයට ගයන ගීතය
ඔබේ සවනත වැටුණද?

නිල් වරල දිග හැරිය
කුණ්ඩලකේසිය සොවින්
හන්තාන පාමුල
හඩන හැටි ඔබ දැක්කද?

මෙතේ බුදු රදුන් දැක
නිවන් දකිනා තුරා
පින්සාර ලක් දෙරණ
උපදින්න පුළුවන්ද?

No comments:

Post a Comment