අහෝ ඒ පුදුමය
වෙණ තතක් හැඩවෙනා මදු විතක් නැතුවම
මියුරුමැයි රාවය
හඩන්නේ නුඹ කොහොම මදු රසය නැතුවම
අහෝ මේ පුදුමය
කොහේ බං පුදුමය
මදුවිතත් හරි ගණන් මෙදා අයවැයෙන් දැන්
උන් ගිහින් මත් වෙන්නේ කොහොමද?
මදු විතක් නොමැතිය
මදු විතෙන් මත්නොවූ වෙණ වයන උන් ඇතිය
කඩ පිලක් අද්දරක බීඩියක් මුව කොනක
කොහේ බං පුදුමය
වීනාව කියනවා මෙලෙසට
Tuesday, November 22, 2016
Saturday, November 19, 2016
දෙවනි පෙම් කවිය
අරුත් නැති ප්‍රීශුට්වල
ෆොටෝෂොප් වුණ ප්‍රේමයට
වඩා මොන තරම් සොදුරුද
මෙගා පික්සල් දෙකට හිනැහෙන
නුඹේ ඔය අහිංසක ප්‍රේමය.............
ෆොටෝෂොප් වුණ ප්‍රේමයට
වඩා මොන තරම් සොදුරුද
මෙගා පික්සල් දෙකට හිනැහෙන
නුඹේ ඔය අහිංසක ප්‍රේමය.............
ආදරෙයි වෙඩ්ඩා
හොයන්නට උඹ අප්පච්චි
බත්තලන්ගුණ්ඩුවට පිටවෙච්චි
දුපතේ කොන ගෙදර බිච්චි
අස්සේ තව පොතක් බඩවෙච්චි
දෙමළ කවි සිංහලෙන් වෙඩි තියන
රෑ තිස්සේ සීරුවට මත ඔතන
ප්‍රංශ අහසට දුම් ගුලි පිබිණ
හිමිටිය එක්කලා සංසාරෙ දිගහරින
නිර්මල ඇසක් අග රැදි කඳුළු පිස්සා
මැක්කා දුන් පන්හිද පණසෙ රැක්කා
කුවන්නා දෙමළ බව උබ හොදට දැක්කා
අයිෆලේ පාමුලම කවි ලියන වෙඩ්ඩා
බත්තලන්ගුණ්ඩුවට පිටවෙච්චි
දුපතේ කොන ගෙදර බිච්චි
අස්සේ තව පොතක් බඩවෙච්චි
දෙමළ කවි සිංහලෙන් වෙඩි තියන
රෑ තිස්සේ සීරුවට මත ඔතන
ප්‍රංශ අහසට දුම් ගුලි පිබිණ
හිමිටිය එක්කලා සංසාරෙ දිගහරින
නිර්මල ඇසක් අග රැදි කඳුළු පිස්සා
මැක්කා දුන් පන්හිද පණසෙ රැක්කා
අයිෆලේ පාමුලම කවි ලියන වෙඩ්ඩා
Friday, November 18, 2016
පෙමි කවි
නේක වර්ණෙන් දිලුණු මල් පිරුණු නිල වනේ
මට ලියූ පෙම් කවිය කොයින්දා
සීරුවට මල් පිපුණු වතුසුද්ද ගහක් යට
නුඹ ලියූ පෙම් කවිය ඇහින්දා
මට ලියූ පෙම් කවිය කොයින්දා
සීරුවට මල් පිපුණු වතුසුද්ද ගහක් යට
නුඹ ලියූ පෙම් කවිය ඇහින්දා
හිරු අහිමි අහසක තනි තරුව
හිරුත් සැගවෙන මහා ගගණත
අගුරු කැට ඇදි වලාවන් මැද
සඳුත් සැගවෙන අමාවක රැය
එළිය දෙන තරු මඬල නුඹමය
සිදත් හැරගිය
සුරම් මැදුරේ
යශෝ නුඹ විය
රහල් වෙමි මම
අසඩක් පවා පැනයන කලක
නියොන් එළි මැද වේදිකාවක
හුණු වටය මැද මා වඩා සිටි
ගෘෂාම නුඹ මයිකල්ය මම
අගුරු කැට ඇදි වලාවන් මැද
සඳුත් සැගවෙන අමාවක රැය
එළිය දෙන තරු මඬල නුඹමය
සිදත් හැරගිය
සුරම් මැදුරේ
යශෝ නුඹ විය
රහල් වෙමි මම
අසඩක් පවා පැනයන කලක
නියොන් එළි මැද වේදිකාවක
හුණු වටය මැද මා වඩා සිටි
ගෘෂාම නුඹ මයිකල්ය මම
Thursday, November 3, 2016
ගාන්ධර්වයාණනි
මහළු වූ කොලොම්තොට
අදුරු වී ගිය අහසට
නිහඩ වූ ඔබ ගැයූ
මියුරු ගී ස්වර ඇසුණිද?
වක්කඩ ලග තුටින් රගදුන්
තිත්ත පැටවුන් රෑන
හෙලූ කදුලින් පිරුණු වක්කඩ
උතුරනව ඔබ දැක්කද?
රන්වැලි සෑය පාමුල
සොවින් බරවූ රත්නමාලිය
ඔබේ නාමයට ගයන ගීතය
ඔබේ සවනත වැටුණද?
නිල් වරල දිග හැරිය
කුණ්ඩලකේසිය සොවින්
හන්තාන පාමුල
හඩන හැටි ඔබ දැක්කද?
මෙතේ බුදු රදුන් දැක
නිවන් දකිනා තුරා
පින්සාර ලක් දෙරණ
උපදින්න පුළුවන්ද?
අදුරු වී ගිය අහසට
නිහඩ වූ ඔබ ගැයූ
මියුරු ගී ස්වර ඇසුණිද?
වක්කඩ ලග තුටින් රගදුන්
තිත්ත පැටවුන් රෑන
හෙලූ කදුලින් පිරුණු වක්කඩ
උතුරනව ඔබ දැක්කද?
රන්වැලි සෑය පාමුල
සොවින් බරවූ රත්නමාලිය
ඔබේ නාමයට ගයන ගීතය
ඔබේ සවනත වැටුණද?
නිල් වරල දිග හැරිය
කුණ්ඩලකේසිය සොවින්
හන්තාන පාමුල
හඩන හැටි ඔබ දැක්කද?
මෙතේ බුදු රදුන් දැක
නිවන් දකිනා තුරා
පින්සාර ලක් දෙරණ
උපදින්න පුළුවන්ද?
Subscribe to:
Posts (Atom)