Tuesday, November 22, 2016

මදු නැතිව හඩාපන් විණාවී

අහෝ ඒ පුදුමය
වෙණ තතක් හැඩවෙනා මදු විතක් නැතුවම 
මියුරුමැයි රාවය 
හඩන්නේ නුඹ කොහොම මදු රසය නැතුවම 
අහෝ මේ පුදුමය 

කොහේ බං පුදුමය
මදුවිතත් හරි ගණන් මෙදා අයවැයෙන් දැන්
 උන් ගිහින් මත් වෙන්නේ කොහොමද?
මදු විතක් නොමැතිය 
මදු විතෙන් මත්නොවූ වෙණ වයන උන් ඇතිය
කඩ පිලක් අද්දරක බීඩියක් මුව කොනක 
කොහේ බං පුදුමය

වීනාව කියනවා මෙලෙසට  

Saturday, November 19, 2016

දෙවනි පෙම් කවිය

අරුත් නැති ප්‍රීශුට්වල 
ෆොටෝෂොප් වුණ ප්‍රේමයට
වඩා මොන තරම් සොදුරුද 
මෙගා පික්සල් දෙකට හිනැහෙන
නුඹේ ඔය අහිංසක ප්‍රේමය.............  

ආදරෙයි වෙඩ්ඩා

හොයන්නට උඹ          අප්පච්චි 
බත්තලන්ගුණ්ඩුවට   පිටවෙච්චි  
දුපතේ කොන ගෙදර        බිච්චි 
අස්සේ තව පොතක්  බඩවෙච්චි

දෙමළ කවි සිංහලෙන් වෙඩි   තියන
රෑ තිස්සේ සීරුවට මත            ඔතන 
ප්‍රංශ අහසට දුම් ගුලි               පිබිණ 
හිමිටිය එක්කලා සංසාරෙ   දිගහරින     

නිර්මල ඇසක් අග රැදි කඳුළු         පිස්සා
මැක්කා දුන් පන්හිද පණසෙ        රැක්කා 
කුවන්නා දෙමළ බව උබ හොදට දැක්කා 
අයිෆලේ පාමුලම කවි ලියන      වෙඩ්ඩා  







Friday, November 18, 2016

පෙමි කවි

නේක වර්ණෙන් දිලුණු මල් පිරුණු නිල වනේ 
මට ලියූ පෙම් කවිය කොයින්දා

සීරුවට මල් පිපුණු වතුසුද්ද ගහක් යට
නුඹ ලියූ පෙම් කවිය ඇහින්දා 



හිරු අහිමි අහසක තනි තරුව

                                 හිරුත් සැගවෙන මහා ගගණත
                            අගුරු කැට ඇදි වලාවන් මැද 
                            සඳුත් සැගවෙන අමාවක රැය 
                            එළිය දෙන තරු මඬල නුඹමය

සිදත් හැරගිය 
සුරම් මැදුරේ 
යශෝ නුඹ විය
රහල් වෙමි මම

                 අසඩක් පවා පැනයන කලක
                 නියොන් එළි මැද වේදිකාවක 
                 හුණු වටය මැද මා වඩා සිටි
                 ගෘෂාම නුඹ මයිකල්ය මම
 

Thursday, November 3, 2016

ගාන්ධර්වයාණනි

මහළු වූ කොලොම්තොට
අදුරු වී ගිය අහසට
නිහඩ වූ ඔබ ගැයූ
මියුරු ගී ස්වර ඇසුණිද?

වක්කඩ ලග තුටින් රගදුන්
තිත්ත පැටවුන් රෑන
හෙලූ කදුලින් පිරුණු වක්කඩ
උතුරනව ඔබ දැක්කද?

රන්වැලි සෑය පාමුල
සොවින් බරවූ රත්නමාලිය
ඔබේ නාමයට ගයන ගීතය
ඔබේ සවනත වැටුණද?

නිල් වරල දිග හැරිය
කුණ්ඩලකේසිය සොවින්
හන්තාන පාමුල
හඩන හැටි ඔබ දැක්කද?

මෙතේ බුදු රදුන් දැක
නිවන් දකිනා තුරා
පින්සාර ලක් දෙරණ
උපදින්න පුළුවන්ද?