Saturday, November 19, 2016

ආදරෙයි වෙඩ්ඩා

හොයන්නට උඹ          අප්පච්චි 
බත්තලන්ගුණ්ඩුවට   පිටවෙච්චි  
දුපතේ කොන ගෙදර        බිච්චි 
අස්සේ තව පොතක්  බඩවෙච්චි

දෙමළ කවි සිංහලෙන් වෙඩි   තියන
රෑ තිස්සේ සීරුවට මත            ඔතන 
ප්‍රංශ අහසට දුම් ගුලි               පිබිණ 
හිමිටිය එක්කලා සංසාරෙ   දිගහරින     

නිර්මල ඇසක් අග රැදි කඳුළු         පිස්සා
මැක්කා දුන් පන්හිද පණසෙ        රැක්කා 
කුවන්නා දෙමළ බව උබ හොදට දැක්කා 
අයිෆලේ පාමුලම කවි ලියන      වෙඩ්ඩා  







No comments:

Post a Comment